Sunday, November 17, 2019

HTML Tags

  • මේ ලිපියෙන් කථාකරන්න කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ HTML වල තියෙන main tags කීපයක් සහ ඒවායින් සිදුවන කාර්යයන් පිළිබඳව.

1<html> - web පිටුවක් නිර්මාණයේ දී ආරම්භය සඳහා යොදයි.

2. <title>  - web පිටුව සඳහා මාතෘකාවක් යොදා ගැනීමට භාවිත කරයි. <head>  tag  එක තුළ යෙදිය යුතුය.

3. <body> web පිටුවෙහි අන්තර්ගතය ඇතුළත් කිරීමට යොදා ගනී.

4. <b> web page එකක් තුළ දී  ඕනෑම character එකක්  හෝ  ඡේදයක් Bold කර ගැනීමට යොදයි.

5. <br> -  web page එකක් නිර්මාණය කිරීමේදී  line  එකෙන්  line එකට ගමන් කිරීමට හෝ හිස් line එකක් ලබා දීමට.

6. <p>  -  web page එකක්  තුළට ඡේදයක් ඇතුලත් කිරීමට භාවිත කරයි.

7. <h>  -  web page එකක් තුළ ට විවිධ ප්‍රමාණයෙන් යුක්ත  මාතෘකා ඇතුලත් කිරීම සඳහා .
  • <h1> - විශාලම ප්‍රමාණය
  • <h2>
  • <h3>
  • <h4>
  • <h5>
  • <h6> - කුඩාම ප්‍රමාණය
8. <center>web page එකක් තුළ නිර්මාණය කරන යමක් මධ්‍යස්ථයට ගැනීම ( center) සඳහා යොදා ගනියි.

9. <sup>web පිටුවක් නිර්මාණයේ දී පවතින පේළියට ඉහළින් යමක් දැක්වීමට භාවිත කරයි. (1st 2nd 3rd )

10. <sub>  -  web page එකක පවතින පේළියට පහළින්  යමක් දැක්වීමට භාවිත කරයි.
                      (Co2, H20)

11. <strike>  -  web පිටුවක  යමක් කැපී යන ආකාරයට නිරූපණය කිරීමට භාවිත කරයි.
                         strike

12. <per>web පිටුවක යම් ඡේදයක් type කිරීමට ප්‍රථම හෝ අවශයය විට හිස්තැන් තබා ගැනීමට භාවිත කරයි.

13. <li> - දත්ත ලයිස්තුව ආකාරයට web පිටුවට ඇතුලත්  කිරීමේදී මෙය භාවිත කරයි.
ආකාර දෙකකට ලබා දිය හැකිය.
  • ordered list
  • unorderd list
14. <ol>  (ordered list) - දත්ත කිසියම් අනුපිළිවෙලකට ලයිස්තුගත කිරීම සඳහා .

15. <ul>  (unordered list) -  list  එකක අනු සංකේතයක් ලබා දීමට මෙය භාවිත කරයි.මෙහිදී දත්ත අනු පිළිවෙළකට පැවතීම අවශ්‍ය නොවේ.මෙහි values ආකාර කිහිපයකට ලබාදිය හැකිය.
  • disc - default value
  • circle
  • squrea
16. <dl> (definition list)
               -  සවිස්තරාත්මක list ඇතුලත් කිරීමට යොදා ගනියි.(මෙහි සවිස්තරාත්මක යනු list එකේ එක් එක් list item එක වෙන වෙනම විස්තර කර ඇත යන්නයි.)

 <dt> (definition title) 
            - සවිස්තරාත්මක list එකක එක් එක් list item එක ඇතුලත් කිරීමට  යොදා ගනියි.

<dd>(definition data) 
         - සවිස්තරාත්මක list එකක එක් එක් list item එක සඳහා විස්තර ඇතුලත් කිරීමට යොදා ගනියි.

Example:
Coffee
      Black hot drink
Milk
      White cod drink


Html code :
<html>
<body>

<dl>
  <dt>Coffee</dt>
       <dd>Black hot drink</dd>
  <dt>Milk</dt>
       <dd>White cold drink</dd>
</dl>

</body>
</html>

17.<table> - වගුවක් නිර්මාණය කිරීම සඳහා යොදා ගනියි .

*table tag එකෙහි attributes :
  • border : border එකෙහි ප්‍රමාණය ලබා දීම ට යොදා ගනී.  ( <table border ="1"> )
  • bordercolor : border එකෙහි වර්ණය ලබාදීමට. ( <table bordercolor ="red"> )
  • width : table එකෙහි පළල ලබා දීමට.  ( <table width="500">) 
  • height : table එකෙහි උස ලබාදීමට යොදා ගනී. ( <  table height = "300"> )
  • align : table එකෙහි ස්ථානය දැක්වීමට භාවිත කරයි. (< table align="center" >)
  • valign : අන්තර්ගතයෙහි ස්ථානය  දැක්වීමට යොදා ගනී .(<table valign="TOP">)
18. <th>  -  table head එක ඇතුලත් කිරීමට.

19. <tr>  -  table  එකෙහි තීරු (rows) ඇතුළත් කිරීමට.

20. <td>  -  table  එකෙහි පේළි ඇතුළත් කිරීමට.

21. <img src>  -  රූපයක් ඇතුලත් කිරීම සඳහා .

22. <hr> -  යම් කොටසක් අවසානයේ හරස් ඉරක් ඇඳ ගැනීම සඳහා.

23. <a href> -  වෙනත් web පිටුවක් සම්බන්ධ කිරීම සඳහා.

මම ලඟදීම මේ වගේ වැදගත් වෙන තොරතුරු ටිකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා.දිගටම Blog එකත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා.සුභ දවසක් හැමොටම .


Sunday, October 20, 2019



Normalization(
ප්‍ර
මතකරණය)

මේ ලිපියෙන් කතා කරන්නේ  Database Normalization Concept එකට අදාළ  First Normal Form , Second Normal Form and Third Normal Form ගැන.

Database එකක් modify කරද්දී errors ඇති වෙන්න පුළුවන්. ඒවට  Anomalies කියනවා. මේ වගේ errors Normalization නොකරපු tablesවල දකින්න පුළුවන්.

Data Anomalies(දත්ත අනුක්‍රමිකතා) වර්ග 3යි.

1. Insertion Anomaly 
2. Deletion Anomaly 
3. Update Anomaly

1. Insertion Anomaly 
  • වගුවකට දත්ත ඇතුලත් කිරීමේදී වෙනත් දත්ත නිසා අපිට අවශ්‍ය දත්ත ඇතුලත් කිරීමට නොහැකි වීම.
2.  Update Anomaly 
  • දත්ත වගු යාවත්කාලින(update) කිරීමේදි ඇතිවන ගැටලු.
3. Deletion Anomaly
  • දත්ත වගුවකින් දත්ත ඉවත් කිරීමට නොහැකිවීම. 

Normalization(ප්‍රමතකරණය)

දත්ත සමුදායක දත්ත පිළිවෙලකට අනුව සැකසීම ප්‍රමතකරණයයි.

Why Normalization? 
  • වගුවක දත්ත නැවත නැවත යෙදීම වැලකේ.(Data Redundancy)
  • Data හැසිරවීම(manipulate) පහසු වීම
  • දත්ත අනුක්‍රමිකතාවන්(Data Anomalies) අවම වේ.
  • Disk Space අඩු කර ගත හැකි වීම.

Normalization Process

1. Table with repeating groups
2. First Normal Form(1NF)
3. Second Normal Form(2NF)
4. Third Normal Form(3NF)
5. Boyce Codd Normal Form(BCNF)


First Normal Form(1NF)
First Normal Form එකේ තියන table එකක ලක්ෂණ:

  • හැම column එකකටම අනන්‍ය නමක් (unique name) තිබිය යුතුයි.
  • එක column එකක එකම type එකේ data තිබිය යුතුයි.
  • Table එකේ හැම cell එකකම තියෙන්න පුළුවන් තනි value එකක්(Atomic value) 
  • එක හා සමාන උපලැකි(fields) නැවත නැවත නොයෙදිය යුතුයි.

Functional Dependency 

Table එකක key attribute එක මත අනෙක් attributes සියල්ලම රඳා පවතිනව නම් Functional Dependency කියනවා.

Examples :
Student(Register No,Name,Address,DOB,Age)
  • Register No මත අනෙක් attributes සියල්ලම රඳා පවතිනවා.
Book(ISBN,Title,Publisher)
  • First Normal Form එකේදි කරන්නේ primary key එක මත depend වෙන්නේ නැති attributes(Partial dependencies) වෙනම  table එකකට ගන්නවා.
  • ඒ වගේම repeating groups attributes  සහ multi valued attributes වෙනම table එකකට ගන්නවා.

Example :
                           Normalize නොකරන ලද Table  එක 

                      Student Table:
                                    


                   First Normal Form එකට පත් කල පසු ලැබෙන Tables:

                      Student Table:
             



                      Phone Numbers Table :
          
  


Second Normal Form(2NF)

Relationship එකක් 2NF එකට convert කරන්න කලින් අපි බලන්න ඕනේ ඒ r
elationship එක 1NF එකේද තියෙන්නේ කියලා.   

  • ප්‍රථම ප්‍රමතකරණයෙහි පවතින වගුවක උපලක්ෂණ සියල්ලම ප්‍රාථමික යතුර හා පූර්ණ පරායත්තතාවයේ පවතී නම් එය දෙවන ප්‍රමතකරණයෙහි පවතී.


Example :

Suppler_Part(SupplerNo, PartNo, SupplerName, SupplyAddress, PartPrice, Quantity

{SupplerNo, PartNo}    -     SupplerName      -       Partial Dependency

{SupplerNo, PartNo}   -      PartPrice             -       Full Dependency

{SupplerNo, PartNo}   -     SupplyAddress    -       Partial Dependency

{SupplerNo, PartNo}  -      Quantity              -        Full Dependency

මෙහි පවතින Full Dependencies and Partial Dependencies වෙනම Table දෙකකට ගන්නවා.


 Suppler:


 Suppler_Part :


Third Normal Form(3NF)

Transitive dependency

Relation
එකක  තියන key එකක් නොවන attribute එක්ක(non key attribute)  relation එකේම තියන තවත් key එකක් නොවන attribute එක්ක මත functionally depend වෙනවා නම් Transitive dependency එකක් කියනවා.

3NF
වලදී  relation එකේ Transitive dependencies තියනව නම් ඒවා වෙනම Table එකකට ද ඉතිරි attributes වෙනම Table එකකට දානවා.


Example :

Employee(ENo, EName, BSalary, Allowance)

{ENo}          -     Name 

{ENo}          -      BSalary

{ENo}          -       Allowance

{BSalary}     -      Allowance




මේ ලිපියෙන් කතා කළේ  Database Normalization Concept එකට අදාළ  First Normal Form , Second Normal Form and Third Normal Form ගැන.

මේ වගේ වැදගත් වෙන තවත්  තොරතුරු  අරන් එන්න බලාපොරොත්තු වෙන්නවා. දිගටම Blog එකත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම  සුභ දවසක්.

Thursday, September 26, 2019

Entity Relationship Diagrams(ERD) - Part 2


කලින්  ලිපියෙදි මම කතා කලේ  ER Diagram එකක් කියන්නේ මොකද්ද?  සහ ER Diagram එකක  තියන main components තුනෙන්  Entities ගැන.  අද කතා කරන්න යන්නේ Attributes & Relationship කියන ඉතිරි components 2ක ගැන.


2. Attribute
  • Entity එකකට අයිති දේවල්  විස්තර කරන්නේ Attributes වලින්. 

  • ඒ කියන්නේ Entity එකට අදාළව  database එකට දාන්න ඕන properties. example එකක් විදිහට Campus එකේ Student කෙනෙක් ගත්තොත් එයාට Register no, Name, DOB, Age, Address, Telephone Number වගේ දේවල් අයිති වෙනවා. මේවට  Attributes කියනවා. 

  • Attribute එකක් නිරූපණය  කරන්නේ ඉලිප්ස(oval) හැඩයෙන්.



Attributes වර්ග 4ක් තියනවා.

a)  Key Attribute
b)  Multivalued Attribute
c)  Derived Attribute
d)  Composite Attribute

a)  Key Attribute
  • හිතන්න campus එකේ ඉන්න Studentලා අතරින් සමාන name තියන,  එකම දවසේ ඉපදුන, සමාන Ages වල ඉන්න ළමයි කිහිපදෙනෙක් ඉන්න පුළුවන්නේද? ඒත් එකම Register no එක තියන  Studentලා ගොඩක් නෑ.එක Register no එක්ක යටතේ Register වෙලා ඉන්නේ එක Student කෙනයි. 

  • Entity එකක්  uniquely විදිහට  අඳුර ගන්න පුළුවන් attribute එකට Key attribute එකක් කියලා කියනවා. 

  • Key attribute  එකක් underline කරලා තමයි  ER diagram එකක පෙන්වන්නේ.

b)  Multivalued Attribute
  • එක Student කෙනෙක්ට Phone numbers කිහිපයක් තියෙන්න පුළුවන් . අන්න ඒ වගේ එක attribute එක්කට values කිහිපයක් තියනව නම් Multivalued attribute කියලා හඳුන්වනවා.

  • double oval ඇතුලේ තමයි මේවා පෙන්වන්නේ.

c)  Derived Attribute

  • Campus එකේ ඉන්න Student කෙනෙක්ගේ Age එක එයාගේ උපන්  දිනයෙන්  calculate  කරලා ගන්න පුළුවන් නේද ? අන්න ඒ වගේ තවත් entity එකකින්  calculate  කරලා ගන්නේ  Derived attribute.

  • මේවා  dashed oval තුල නිරූ පණය කරන්නේ.

d)  Composite Attribute

  • සාමාන්යයෙන් කෙනෙක්ගේ Name එකේ කොටස් කිහිපයක් තියනවා.Name එකක් First Name, Middle Name, Last Name කියලා තව attributes වලට බෙදන්න පුළුවන්.

  • Address එකක් No, Street, City, District කියලා parts වලට කඩනවා. attribute එකක් තව අනු කොටස්වලට බෙදන්න පුළුවන් නම් ඒවට Composite attribute කියනවා.

  • අපි කලින් කතා කරපු කිසිම බෙදීමකට අයිති නැති date of birth වගේ attributes වලට"Simple Attribute " කියනවා.






3. Relationship  


  • Entities අතර සම්බන්ධතවය පෙන්වන්නේ Relationship මඟින්. ER diagram එකක relationship එකක් diamond shape එකෙන් නිරූ පණය කරන්නේ.Diamond shape එක තුළ relationship එකට අදාළ verb එක ලියනවා 


 Relationships වර්ග 3ක් තියනවා.

  • One to One  (1:1) 
  • One to Many  (1:M)
  • Many to Many (M : N)

One to One (1:1)



  • මේ example එකෙන් විස්තර වෙන්නේ එක person කෙනෙක්ට තියෙන්නේ එක passport එකයි , ඒ  passport එකක්  අයිති එක person කෙනෙක්ට විතරයි.

  • Entity එකක එක් අවස්ථාවක් වෙනත් entity එකක එක් අවස්ථාවක් සමඟ සම්බන්ධ වුණාම ඒක One to One relationship එකක් .


One to Many(1:M)



  • මෙතනදි එක Customer කෙනෙක්ට Orders කිහිපයක් order කරන්න පුළුවන් . නමුත් එක order එකකට ඉන්නේ එක අයිතිකාරයි.



  • entity එකක අවස්ථා එකකට වැඩි ගණනක් වෙනත් entity එකක අවස්ථා එකකට වඩා සම්බන්ධ වුණොත් One to Many relationship එකක්.

Many to Many (M:N)

  • මේ ER Diagram එකේ අදහස වෙන්නේ, එක Student කෙනෙක් Subject කිහිපයක් ඉගෙන ගන්නවා. ඒ වගේම එක Subject එකක් ඉගෙන ගන්න Students ලා කිහිපදෙනෙක් ඉන්නවා.

  • Entity එකක අවස්ථා එකකට වඩා වැඩි ගණනක්, වෙනත් Entity එකක අවස්ථා එකකට වඩා වැඩි ගණනක් සමඟ සම්බන්ධ වුණොත් Many to Many relationship එකක්.

අද මම ඔයාලට  ER Diagrams වලට අදාළ Attributes  සහ  Relationship  ගැන  තොරතුරු අරන් ආවේ. 

මේ වගේ වැදගත් වෙන තවත්  තොරතුරු  අරන් එන්න බලාපොරොත්තු වෙන්නවා. දිගටම Blog එකත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම  සුභ දවසක්.
Entity Relationship Diagrams (ERD) - Part 1

  • අද අපි කතා කරන්න යන්නේ ER Diagrams ගැන.

  • ER කියන කෙටි නමින් කියවෙන්නේ Entity Relationship කියන එක.ඒ නමින් පොඩි idea එක්ක එනවා නේද system එකක entities අතර relationship එක පෙන්වන සටහනක් කියලා. 

  • හිතන්න මොකක් හරි system එකකට database එක්ක හදන්න ඕන වෙලා තියනවා.අන්න ඒ වගේ වෙලාවක database එක හදන්න කලින් සකස් කර ගන්න plan එකට අපි කියන්නේ ER diagram එකක් කියලා.

  • ඒ වගේම  ER Diagram එකකින් අපි හදන database එක ගැන සම්පූර්ණ තාර්කික විව්හයක් පෙන්වනවා.


ඊළඟට අපි දැන ගන්න ඕන ER diagram එකක තියන components මොනවද කියලා.






  • ER diagram එකක main components 3ක් තියනවා


                           1. Entity
                           2. Attribute
                           3. Relationship

1. Entity



  • හිතන්නකො අපි  campus එකට database එකක් හදනවා කියලා. මොනවද campus එකට අදාළව system  එකට enter කරන්න ඕන දේවල්. ඒ කිව්වේ  campus ඉන්න කට්ටිය,තියන දේවල් .

  •  Students, Lectures, Subjects, Lecture halls, Faculties, Departments වගේ දේවල් අපිට අඳුර ගන්න පුළුවන්.

  • Entity එකක් තෝර ගනිද්දි  attribute එකකට වඩා තියනවද කියලා බලන්න ඕන. 

  • අපි campus එකට database එක හදන නිසා  campus කියන එක Entity එක්ක විදිහට ගන්නේ නෑ.ඒකට හේතුව එක data එක්ක විතරක් දාලා table එකක් හදන එක තේරුමක් නැති නිසා.


  • ER diagram එකක් තුළ entity එක්ක නිරූපණය කරන්නේ ඍජුකෝණාස්‍රයකින්.ඒක  ඇතුලේ entity name එක ලියන්නේ. 

  • හැම වෙලාවෙම  entity එකක් නම් කරන්නේ  singular noun එකක් විදිහට.





Weak Entity :


  • කිසියම් entity එකක attributes uniquely විදිහට අඳුර ගන්න බැරි නම් ඒවට weak entities  කියනවා.ඒ කියන්නේ තවත් entity එකක් මත  week entity එකක් රඳා පවතිනවා.

  • හිතන්න campus  එකේ ඉන්න Studentලගෙ  parents තොරතුරු database එකේ store කරන්න ඕන කියලා. parents කෙනෙක්ගේ තොරතුරු තියෙන්න නම් අනිවාර්‍යයෙන් Student කෙනෙක් ඉන්න ඕන නේද ? parent කියන entity එක Student entity එක මත රැඳිලා තියනවා . ඒ නිසයි Parent ,  weak entity එකක් වෙන්නේ

  • weak entity එකක් නිරූපණය  කරන්නේ ඍජුකෝණාස්‍ර  දෙකක් ඇතුලේ.



අද මම ඔයාලට තොරතුරු අරන් ආවේ ER Diagram එකක් කියන්නේ මොකද්ද? ER Diagram එකක තියන entities ගැන. 


Entity Relationship  Diagrams(ERD) Part 2 ලිපියෙන් ER Diagram එකක තියන attributes මොනවද?  Entities අතර තියන relationships ගැන විස්තර කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. දිගටම blog එකත් එක්ක ඉන්න. හැමෝටම  සුභ දවසක්.

Sunday, September 22, 2019

What is inheritance ?

අපි අද කතා කරන්න යන්නේ OOP වල ප්‍රධාන concept එකක් වෙන inheritance කියන්නේ මොකද්ද කියලා ?

සරලව කිව්වොත් inheritance කියලා කියන්නේ එක class එකක තියන දේවල් ටිකක් තවත්  class එකකට ගන්න ක්‍රියාවලිය. අපි මේ කතාව example එකකින් බලමු.
Image result for nokia old  phone images(png)Image result for smart nokia   phone images
මුල්ම image එකේ තියෙන්නේ පරණ Nokia  phone එකක්. අන්න  ඒ phone  එකේ තියන  features අරගෙන තවදුටරත් වැඩි දියුණු කරලා Nokia Smart phone එකක් හදනවා.ඒ කියන්නෙ හරියට එක පරම්පරාවක තියන දෙයක් තවත් පරම්පරවකට දෙනවා. ඒ වගේ දෙයක් තමා inheritance වලදි වෙන්නේ.


මෙතනදි Smart phone එක  තමා, පරණ Nokia  phone එකෙන් inherit වෙන්නේ.Smart phone හැදිලා තියෙන්නේ  පරණ Nokia  phone එකේ features එකතු වෙලා.


ඊළඟට අපි බලමු  inheritance වල තියන super class & sub class කියන්නේ මොනවද  කියලා?

අපි ගත්ත phone example එකට අනුව පරණ Nokia  phone එක තමා super class එක, Smart phone එක  තමා sub class එක.
Image result for nokia old  phone images(png)Image result for smart nokia   phone imagesSuper class                        Subclass



  • ඊළඟට අපි බලමු මේ phones දෙකේ තියෙන ගතිලක්ෂණ ,කාර්යයන් මොනවද කියලා?


Super class(Old Nokia phone)
name
price                                                
call( )
SMS( )


  • Sub class  එක හදද්දි  අලුත් features වගේම super class එකේ තිබුණ ගති ලක්ෂණ ,කාර්යයන් එකතු වෙනවා. 

Sub class(Smart Nokia phone)
name
price                                                

call( )
SMS( )
camera( )
Email( )
Bluetooth ( )

දැන්  පොඩි  idea එකක් ආවා නේද?  inheritance කියන එක ඕන  වුණේ කලින් හදපු දෙයක් පාවිචි කරලා,ඒක වැඩි දියුණු කරලා තවත් අලුත් දෙයක් හදන්න කියලා.

දැන් අපි බලමු coding එක්ක කොහොමද inheritance ක්‍රියාවලිය වෙන්නේ කියලා ?
  1. // code for OldPhone - (Super class)
  2. class OldPhone{
  3. String name;
  4. int price;
  5. void call( )
  6. {
  7. }
  8. void sms( )
  9. {
  10. }
  11.  }
  12.  
  13.  
  14.  //code for SmartPhone - (Sub class)
  15.  class SmartPhone extends OldPhone{
  16.  
  17. void camera( )
  18. {
  19. }
  20. void Email( )
  21. {
  22. }
  23. void Bluetooth ( )
  24. {
  25. }
  26.  }

මේකේ  code line no :2 - 14 වන තෙක්  තියෙන්නේ  Old phone(Super class) එකට අදාළ coding part එක.


ඊළඟට code line no :18 - 33 දක්වා  තියෙන්නේ Smart phone(sub class) එකට අදාළ coding part එක. ඒකේ " class SmartPhone extends OldPhone " (code line no 18) කියලා තියන code එකෙන් කියවෙන්නේ  Old phone එකේ තිබුණ දේවල්  Smart phone එකට inherit කරන්න කියලා. එතකොට වෙන්නේ Old phone එකේ තිබ්බ හැම feature එකක්ම Smart phone එකට add වෙනවා. ඊට අමතරව  camera,Email, Bluetooth වගේ අලුත් facilities එකතු කරනවා.මේ ක්‍රියාවලිය තමයි inheritance කියලා කියන්නේ.

class SmartPhone extends OldPhone " . මෙතන "extends" කියන්නේ  keyword එකක්. 

පොඩ්ඩක් Supper class එකේ  code එක බලන්න.Super class එකේ තියෙන්නේ common data. Sub class එකේ  specific data තියනවා.

මේ කිව්ව දේවල් එක්ක inheritance කියන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන්ද? inheritance කියන්නේ එක class එකක තියන පොදු දේවල් ටිකක් තව class එකකට අරගෙන ඒ  class එකට විශේෂ වුණ දේවල් ටික දාලා පහසුකම් වැඩි අලුත් class එක්ක හදන  ක්‍රියාවලිය.

එසේ  නම් OOP වල ප්‍රධාන concept එකක් වෙන inheritance ගැන තමා මම අද ඔයාලට තොරතුරු අරන් අවේ. මම ලඟදීම මේ වගේ වැදගත් වෙන තොරතුරු ටිකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා.දිගටම Blog එකත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා.